සමූහයා අතරෙන් එක්කෙනෙක් මොරගසමින් කියනුයේ: ආචාරිනි, මාගේ පුත්‍රයා දෙස බලන මෙන් ඔබගෙන් ඉල්ලමි; මක්නිසාද ඔහු මාගේ එකම දරුවාය.
අපට වයෝවෘද්ධයෙක්වූ පියෙක්ද ඔහුගේ මහලු වයසේදී උපන් කුඩා දරුවෙක්ද සිටිති; ඔහුගේ සහෝදරයා මළේය, ඔහුගේ මවුගෙන් ඔහු පමණක් ඉතුරුව සිටියි, ඔහුගේ පියාද ඔහුට ආදරේ ඇත්තේයයි අපි මාගේ ස්වාමීන්ට කීවෙමු.
දාවිත්ගේ වංශය කෙරෙහිද යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලව්කිරීමේ ආත්මය වගුරුවන්නෙමි; ඔවුන් තමුන් විසින් ඇන්නාවූ තැනැත්තා වන මා දෙස බලාසිට, එකම පුත්‍රයෙකු ගැන වැලපෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන වැලපෙනවා ඇත, කුලුඳුලා ගැන ශෝකවෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන ශෝකවෙනවා ඇත.
බලව, කානානිය ස්ත්‍රියෙක් එහි සීමාවල සිට පිටත්ව ඇවිත්: දාවිත්ගේ පුත්‍රවූ ස්වාමිනි, මට කරුණාකළ මැනව; මාගේ දුව බලවත්ලෙස යක්ෂාවේශව සිටින්නීයයි කීවාය.
උන්වහන්සේ නුවර දොරටුවට ළංවූ කල, බලව, මළාවූ කෙනෙක් පිටතට ගෙනයනලද්දේය. ඔහු තමාගේ මවුගේ එකම පුත්‍රයාය, ඈ වැන්දඹුවක්ය. ඒ නුවර බොහෝ සෙනඟක් ඈ සමඟ ආවෝය.
තවද පසුවදා ඔවුන් කන්දෙන් බැස්ස කල මහත් සමූහයක් උන්වහන්සේට සම්මුඛවූවෝය.
ආත්මයක් ඔහුට ආවේශවේ, ඔහුද හදිසියෙන් මොරගසයි; ඒ ආත්මය ඔහුට පීඩා කොට, වෙවුලවා, පෙණදම්මවා, බොහෝ තුවාලකොට, අමාරුවෙන් ඔහුගෙන් අහක්වයයි.
ඔහු යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට ඇවිත් සිටින බව අසා, උන්වහන්සේ ළඟට ගොස්, ඇවිත් තමාගේ පුත්‍රයා සුවකරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවේය; මක්නිසාද ඔහු මරණාසන්නව සිටියේය.