සියල්ලෝම කාලා තෘප්තියට පැමිණියෝය. ඔවුන් නොකා ඉතිරිවූ කැබලිවලින් කූඩා දොළොසක් එකතුකරගන්නාලද්දේය.
එවිට ඔහු ඒවා ඔවුන් ඉදිරියෙහි තැබීය, ඔව්හු එයින් කා ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස ඉතුරු කළෝය.
මක්නිසාද උන්වහන්සේ පිපාසිතයා තෘප්තියට පමුණුවා, ක්ෂුධා ඇත්තා යහපතින් පිනවනසේක.
බොහෝ දුෂ්ටයන්ගේ වස්තු රාශියට වඩා ධර්මිෂ්ඨයාට ඇති ස්වල්පය යහපත.
ධර්මිෂ්ඨයාට සෑහෙන පමණට කෑම තිබේ; එහෙත් දුෂ්ටයාගේ බඩට හිඟකම ඇත්තේය.
එකල උන්වහන්සේ රොටි පහත් මසුන් දෙදෙනක් රැගෙන, ස්වර්ගය දෙස බලා ඒවාට ආශීර්වාදකොට, කඩා, සමූහයා ඉදිරියෙහි තබන පිණිස ගෝලයන්ට දුන්සේක.