ඔව්හු එසේ කොට සෑම දෙනාම හිඳගන්ට සැලැස්සුවෝය.
මක්නිසාද පුරුෂයෝම පන්දහසක් පමණ සිටියෝය. එවිට උන්වහන්සේ: ඔවුන් පනස් දෙනා බැගින් කණ්ඩායම් වශයෙන් හිඳුවන්නැයි ගෝලයන්ට කීසේක.
එකල උන්වහන්සේ රොටි පහත් මසුන් දෙදෙනක් රැගෙන, ස්වර්ගය දෙස බලා ඒවාට ආශීර්වාදකොට, කඩා, සමූහයා ඉදිරියෙහි තබන පිණිස ගෝලයන්ට දුන්සේක.