උන්වහන්සේ ගෙදරට ආ කල, පේතෘස්ද යොහන්ද යාකොබ්ද යෞවනීගේ පියාද මවුද හැර වෙන කාටවත් තමන් සමඟ ඇතුල්වෙන්ට අවසර නුදුන්සේක.
එවිට ඔහු ඇතුල්වී ඔවුන් දෙදෙනා සිටිද්දී දොර වසාගන ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය.
ඔහු මොර නොගසන්නේය. ස්වකීය හඬ නොනගන්නේය, වීථියෙහි එය ඇසෙන්ට නොදෙන්නේය.
උන්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යොහන්ද තමන් සමඟ කැඳවාගෙන ගොස්, බොහෝසෙයින් විස්මපත්වෙන්ටත් අතිශයින් කැලඹෙන්ටත් පටන් ගත්සේක.
ඔව්හු කවුරුදයත්–උන්වහන්සේ විසින් පේතෘස්ය කියා නම්කළ සීමොන් සහ ඔහුගේ සහෝදරවූ අන්දෘද, යාකොබ් සහ යොහන්ද, පිලිප් සහ බර්තොලොමෙව්ද,
යේසුස්වහන්සේ ඒ අසා: භය නොවන්න. ඇදහිල්ලෙන්ම සිටින්න, එවිට ඈට සුවවන්නේයයි උත්තරදුන්සේක.
සියල්ලෝම ඈ ගැන අඬමින්ද වැලපෙමින්ද සිටියෝය. එහෙත් උන්වහන්සේ කථාකොට: අඬන්ට එපා; ඈ මැරිලා නොවේ, නිදන්නීයයි කීසේක.
තවද මේ වචන කියා අට දවසකට පමණ පසු උන්වහන්සේ පේතෘස්ද යොහන්ද යාකොබ්ද කැඳවාගෙන යාච්ඤාකරන පිණිස කන්දට නැගුණුසේක.
නුමුත් පේතෘස් ඔවුන් සියල්ලන් බැහැරකොට, දණින් හිඳ, යාච්ඤාකර, පසුව මිනිය දෙසට හැරී: තබීතා, නැගිටින්නැයි කීවේය. එවිට ඈ ඇස් ඇර, පේතෘස් දැක හිඳගත්තාය.