එහෙත් යේසුස්වහන්සේ: කවුරු නුමුත් මට අතගැසුවේය. මක්නිසාද මාගෙන් ආනුභාවය නිකුත්වූ බව මට දැනුණේයයි කීසේක.
ඒ දවස්වලින් එකකදී උන්වහන්සේ උගන්වන කල, ගලීලයේ හා යුදයේ සෑම ගම්වලින්ද යෙරුසලමෙන්ද ආවාවූ ඵරිසිවරුත් ව්‍යවස්ථාව උගන්වන්නොත් එහි හිඳගෙන උන්නෝය. සුවකරන පිණිස ස්වාමීන්වහන්සේගේ ආනුභාවය උන්වහන්සේ සමඟ වූයේය.
උන්වහන්සේගෙන් ආනුභාවය නික්මවිත් ඔවුන් සියල්ලන් සුවකළ බැවින්, මුළු සමූහයා උන්වහන්සේට අතගසන්ට උත්සාහකළෝය.
ඒ ස්ත්‍රී තමා අප්‍රකාශව නොසිටි බව දැක, වෙවුලමින් ඇවිත් උන්වහන්සේ ඉදිරියෙහි වැටී, තමා විසින් උන්වහන්සේට අතගැසුවේ මක්නිසාද කියාත් එකෙණෙහිම තමා සුවවුණ හැටිත් මුළු සෙනඟ ඉදිරියේ ප්‍රකාශකළාය.
නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.