මක්නිසාද දොළොස් අවුරුද්දක් පමණ වයස් ඇති ඔහුගේ එකම දුව මරණාසන්නව සිටියාය. උන්වහන්සේ යන කල සමූහයෝ උන්වහන්සේට තෙරපෙමින් සිටියෝය.
උදය පටන් සවස දක්වා ඔව්හු පොඩිවී යති, ඔව්හු සදාකාලයටම නැතිවී යති, කිසිවෙක් එය නොසලකයි.
මනුෂ්‍යයාගේ ජීවිතයෙහි එනම් ඔහු සෙවණැල්ලක් මෙන් ගතකරන ඔහුගේ නිෂ්ඵල ජීවිතයේ දවස්වල ඔහුට හොඳව තිබෙන්නේ කිමෙක්දැයි දන්නේ කවුද? නොහොත් මනුෂ්‍යයෙකුට ඔහුගෙන් පසුව ඉර යට සිදුවන්නේ කුමක්ද කියා දන්වන්ට පුළුවන් කාටද?
මනුෂ්‍ය පුත්‍රය, මෙන්න, නුඹේ ඇස්වලට ප්‍රියවූ දේ එක පහරකින් නුඹෙන් ගනිමි. එහෙත් නුඹ විලාප නොකිය යුතුය, නොහැඬිය යුතුය, නුඹේ කඳුළුත් නොවැගිරියයුතුය.
ඉතින් මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ගේ බලයද ඔවුන්ගේ තේජසේ ප්‍රීතියද ඔවුන්ගේ ඇස්වලට ප්‍රියව තිබෙන්නාවූ, ඔවුන්ගේ ආත්ම ආශාවෙන්නාවූ දේද ඔවුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද මා විසින් ඔවුන්ගෙන් පැහැරගන්න දවසේදී,
දාවිත්ගේ වංශය කෙරෙහිද යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලව්කිරීමේ ආත්මය වගුරුවන්නෙමි; ඔවුන් තමුන් විසින් ඇන්නාවූ තැනැත්තා වන මා දෙස බලාසිට, එකම පුත්‍රයෙකු ගැන වැලපෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන වැලපෙනවා ඇත, කුලුඳුලා ගැන ශෝකවෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන ශෝකවෙනවා ඇත.
උන්වහන්සේ ඔහු සමඟ වැඩියසේක; මහත් සමූහයක්ද උන්වහන්සේට තෙරපෙමින් උන්වහන්සේ අනුව ගියෝය.
උන්වහන්සේ නුවර දොරටුවට ළංවූ කල, බලව, මළාවූ කෙනෙක් පිටතට ගෙනයනලද්දේය. ඔහු තමාගේ මවුගේ එකම පුත්‍රයාය, ඈ වැන්දඹුවක්ය. ඒ නුවර බොහෝ සෙනඟක් ඈ සමඟ ආවෝය.
බලව, සිනගෝගයේ මුලාදෑනියෙක්වූ යායිරස් නම් මනුෂ්‍යයෙක් ඇවිත් යේසුස්වහන්සේගේ පාමුල වැටී, තමාගේ ගෙදරට එන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවේය;
දොළොස් අවුරුද්දක් මහලේ රෝගය ඇතුව, වෙදුන්ට තමාගේ සියලු සම්පත් වියදම්කොටත් කිසිවෙකුගෙන් සුවයක් ලබන්ට බැරිවූවාවූ ස්ත්‍රියෙක් පස්සෙන් ඇවිත්,
එවිට යේසුස්වහන්සේ: මට අතගැසුවේ කවුදැයි ඇසූසේක. අප නොවේයයි සියල්ලන් කී කල්හි පේතෘස්ද ඔහු සමඟ සිටියෝද කථාකොට: ආචාරිනි, සමූහයා ඔබට හැපෙමින් තෙරපෙමින් සිටිතියි කීවෝය.
එහෙයින් එක් මනුෂ්‍යයෙකු කර ණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.