Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලූක් 8:39

Sinhala Revised Old Version

නුඹේ ගෙදරට හැරී ගොස්, දෙවියන්වහන්සේ නුඹට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා ප්‍රකාශකරන්නැයි කීසේක. ඔහු ගොස්, යේසුස්වහන්සේ තමාට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා නුවර මුළුල්ලේ ප්‍රසිද්ධකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

13 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇති සියල්ලෙනි, ඇවිත් අසව්, උන්වහන්සේ මාගේ ආත්මය උදෙසා කළ දේ ප්‍රකාශකරන්නෙමි.

නුමුත් ඔහු පිටත්ව ගොස් ඒ කාරණය බොහෝසෙයින් ප්‍රසිද්ධකරන්ටත් පතළකරන්ටත් පටන් ගත්තේය. ඒ නිසා යේසුස්වහන්සේ ප්‍රසිද්ධයෙන් නුවරකට තවත් ඇතුල්වන්ට නොහැකිව, වනාන්තර ස්ථානවල පිටත සිටිසේක. මනුෂ්‍යයෝ සියලු දිශාවලින් උන්වහන්සේ වෙතට ආවෝය.

උන්වහන්සේ ඔරුවට නගිද්දී, යක්ෂාවේශව සිටි මනුෂ්‍යයා උන්වහන්සේ සමඟ සිටින ලෙස උදක්ම ඉල්ලා සිටියේය.

නුමුත් උන්වහන්සේ ඔහුට අවසර නොදී: නුඹ ගෙදර නුඹේ නෑ මිතුරන් ළඟට ගොස්, ස්වාමීන්වහන්සේ නුඹට කොපමණ මහත් දේවල් කළසේක්ද කියාත් උන්වහන්සේ නුඹට කරුණාකළ හැටිත් ඔවුන්ට දන්වන්නැයි ඔහුට කීසේක.

යක්ෂයන් දුරුවුණ මනුෂ්‍යයා උන්වහන්සේ සමඟ සිටින්ට උන්වහන්සේගෙන් ඉල්ලුවේය. නුමුත් උන්වහන්සේ ඔහු යවමින්:

යේසුස්වහන්සේ හැරී ආ කල සමූහයා උන්වහන්සේ පිළිගත්තෝය. මක්නිසාද සියල්ලෝම උන්වහන්සේ එනවා බලා සිටියෝය.

මා කළ සියල්ල මට කීවාවූ මනුෂ්‍යයෙකු බලන්ට එන්න. ඒ ක්‍රිස්තුස්වහන්සේදෝහෝයි මනුෂ්‍යයන්ට කීවාය.

උන්වහන්සේම නුඹේ ප්‍රශංසා භූමියය, උන්වහන්සේම නුඹේ ඇස්වලින් දුටු මේ මහත්වූ භයානකවූ දේ නුඹ උදෙසා කළාවූ නුඹේ දෙවියන්වහන්සේය.

යමෙක් තමාගේ අය, ප්‍රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්