යේසුස්වහන්සේ ඒ අසා, ඔහු ගැන මවිතව, හැරී තමන් අනුව ආ සමූහයාට කථාකොට: ඉශ්‍රායෙල්වරුන් අතරේවත් මෙබඳු මහත් ඇදහිල්ලක් මට සම්බවුණේ නැතැයි නුඹලාට කියමියි කීසේක.
එවිට යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: ස්ත්‍රිය, නුඹේ ඇදහිල්ල මහත්ය. නුඹේ කැමැත්ත ලෙසම ඔබට වේවයි කීසේක. ඒ පැයේ පටන් ඇගේ දුව සුවපත්වූවාය.
යේසුස්වහන්සේ ඒ අසා, මවිතව, තමන් අනුව එන්නන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි, ඉශ්‍රායෙල්හිවත් මෙබඳු මහත් ඇදහිල්ලක් නුදුටිමි.
යක්ෂයා දුරුකරනු ලැබූ විට ගොළුවා කථාකළේය. එකල සමූහයෝ මවිතව: මෙබන්දක් ඉශ්‍රායෙල්හි කිසිකලෙක දකින්ට ලැබුණේ නැතැයි කීවෝය.
යවනලද්දෝ ගෙට හැරී ගිය කල දාසයා සුවපත්ව සිටිනවා දුටුවෝය.
නුමුත් උන්වහන්සේ: නුඹේ ඇදහිල්ල නුඹ ගැළෙවුවේය, සමාදානයෙන් යන්නැයි ඒ ස්ත්‍රීට කීසේක.
මක්නිසාද මමත් ආණ්ඩුබලයට යටත් මනුෂ්‍යයෙක්මි, මා යටතෙහිද හේවායෝ සිටිති. එක්කෙනෙකුට–යවයි මා කී කල ඔහු යන්නේය; තවත් කෙනෙකුට එවයි කී කල ඔහු එන්නේය; මාගේ දාසයාට–මේක කරවයි කී කල ඔහු ඒක කරන්නේයයි උන්වහන්සේට කියා යැවීය.