Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලූක් 7:33

Sinhala Revised Old Version

මක්නිසාද යොහන් බව්තීස්ත ඇවිත් රොටි නොකා මුද්‍රිකපානය නොබී සිටියි; එබැවින් ඔහු යක්ෂාවේශ කෙනෙකැයි නුඹලා කියන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

ගෝලයා තමාගේ ගුරුවරයා මෙන්ද දාසයා තමාගේ ස්වාමියා මෙන්ද වුණොත් ඔවුන්ට ඇත. ඔව්හු ගෙයි ස්වාමියාට බෙල්ශෙබුබ්යයි කීවෝ නම් ඔහුගේ ගෙයි වැසියන්ට කොපමණ වැඩියෙන් නොකියත්ද?

ඒ දවස්වලදී යොහන් බව්තීස්ත ඇවිත් යුදයේ වනයෙහි දේශනාකරමින්:

මෙම යොහන් ඔටුරෝම වස්ත්‍ර හැඳ, ඉඟටියේ හම්පටියක් බැඳ සිටියේය; ඔහුගේ කෑම වූයේ පළඟැටියන් හා වනමීය.

යොහන් ඔටුරෝම වස්ත්‍ර හැඳ ඉඟටියේ සම්පටියක් බැඳ සිටියේය, ඔහු පළඟැටියන්ද වනමීද කෑවේය.

මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උත්තමයෙක් වන්නේය, ඔහු මුද්‍රිකපානයවත් මද්‍යපානයවත් නොබොන්නේය; මවු කුස පටන්ම ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව සිටින්නේය.

අපි නුඹලාට නළා පිම්බෙමුව, නුඹලා නැටුවේ නැත; නුඹලාට විලාප කීමුව, නුඹලා ඇඬුවේ නැතැයි වෙළදාම්පළේ හිඳ ඔවුනොවුන්ට හඬගසා කියන්නාවූ දරුවන් හා සමාන වෙති.

මනුෂ්‍ය පුත්‍රයා ඇවිත් කමින් බොමින් සිටියි; නුඹලා කථාකොට: බලව, ගිජු මනුෂ්‍යයෙක්ය, මුද්‍රිකපානය බොන්නෙක්ය, සුංගම් අයකරන්නන්ගෙත් පව්කාරයන්ගෙත් මිත්‍රයෙක්යයි නුඹලා කියන්නහුය.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්: ඔහු යක්ෂාවේශව උමතුව සිටියි; ඔහුට ඇහුම්කන්දෙන්නේ මක්නිසාදැයි කීවෝය.

යුදෙව්වරු උත්තරදෙමින්: නුඹ සමාරියයෙක්ය, නුඹට යක්ෂයෙක් ආවේශවෙලාය කියා අප කියනවා හරි නොවේදැයි උන්වහන්සේට කීවෝය.

යුදෙව්වරු උන්වහන්සේට කථාකොට: නුඹට යක්ෂයෙක් ආවේශවී සිටින බව දැන් අපි දනිමුව. ආබ්‍රහම්ද අනාගතවක්තෘහුද මළෝය; යමෙක් මාගේ වචනය රක්ෂාකරන්නේ නම් ඔහු කිසිකලක මරණයේ රස නොවිඳින්නේමයයි නුඹ කියයි.

නුමුත් සමහරෙක් සරදම් කරමින්: මොවුන් අලුත් මුද්‍රිකපානයෙන් පිරිලායයි කීවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්