මක්නිසාද එක එක ගහ එහිම ඵලයෙන් දැනගනු ලැබේ. මනුෂ්‍යයෝ කටුගස්වලින් අත්තික්කා ඵල නෙළා නොගනිති, ගොකටු පඳුරකින් මුද්‍රික ඵල කඩා නොගනිති.
ගහත් ඒකේ ඵලත් යහපත්යයි පිළිගන්න; නොහොත් ගහත් ඒකේ ඵලත් නරකයයි පිළිගන්න. මක්නිසාද ගහ ඒකේ ඵලවලින් ඇඳිනගනු ලැබේ.
ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය. මනුෂ්‍යයෝ කටුගස්වලින් මුද්‍රික ඵලවත් ගොකටුවලින් අත්තික්කා ඵලවත් නෙළාගනිද්ද?
එබැවින් ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳිනගන්නහුය.
මාගේ සහෝදරයෙනි, අත්තික්කා ගහේ ඔලීව ඵලවත් මුද්‍රික වැලේ අත්තික්කා ඵලවත් හටගන්ට පුළුවන්ද? කරදියෙන් මිරිදිය නික්මෙන්ට නුපුළුවන.
මොව්හු නම් නුඹලා සමඟ මංගල්‍ය කෑම කන විට නුඹලාගේ ප්‍රේම–මංගල්‍යවල නොපෙනී තිබෙන්නාවූ පර්වතයෝය, නිර්භීතව තමුන්ම පෝෂ්‍යකරගන්න එඬේරුය; හුළඟින් ගහගෙනයන වතුර නැති වලාකුල්ය; ඵල නැත්තාවූ, දෙවරක් මළාවූ, මුලින් උදුරනලද්දාවූ ශරත්කාලයේ ගස්ය.