නුඹලාට යහපත කරන්නන්ටම නුඹලාත් යහපත කරනවානම් නුඹලාට කවර ස්තුතියක්ද? මක්නිසාද පව්කාරයෝ පවා එසේම කරති.
තමාට ලාභය වැඩිකරගන්න පිණිස දිළින්දාට පීඩාකරන්නාද පොහොසතුන්ට දෙන තැනැත්තාද සැබවින්ම හිඟකමට පැමිණෙයි.
එහෙත් ත්‍යාගවත් තැනැත්තා ත්‍යාගවත් දේ යෝජනාකරයි; ඔහු වනාහි ත්‍යාගවත් දේවලම යෙදී සිටියි.
තවද නුඹලාට ප්‍රේමකරන්නන්ටම නුඹලාත් ප්‍රේමකරනවා නම් නුඹලාට කවර ස්තුතියක්ද? මක්නිසාද පව්කාරයෝ පවා තමුන්ට ප්‍රේමකරන්නන්ට ප්‍රේම කරති.
නුඹලා නැවත ලබන්ට බලාපොරොත්තුවෙන් ණයට දෙන්නහු නම් නුඹලාට කවර ස්තුතියක්ද? පව්කාරයෝ පවාදුන් පමණ නැවත ලබන පිණිස පව්කාරයන්ට ණයට දෙති.
යහපත කරන්ටත්, උතුම් ක්‍රියාවලින් ධනවත් වෙන්ටත්, ත්‍යාගවන්තව, බෙදාදීමට ලැදිව සිටින්ටත්,