Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලූක් 6:27

Sinhala Revised Old Version

නුමුත් අසන්නාවූ නුඹලාට මම කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට වෛරකරන්නන්ට යහපත කරන්න,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

22 හුවමාරු යොමු  

රජතෙමේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට කථාකොට: මාගේ අත සුවවෙන පිණිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කර මා උදෙසා යාච්ඤාකරන්නැයි කීවේය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ස්වාමීන්වහන්සේට කන්නලව් කෙළේය. එවිට රජුගේ අත සුවවී පෙර තිබුණාක් මෙන් විය.

මා සමඟ සමාදානයෙන් සිටිය තැනැත්තාට නපුරක් කෙළෙම් නම්; (සැබවින් නිකරුණේ මට එදිරිව සිටි තැනැත්තා මම ගැළවීමි.)

නුඹේ සතුරා වැටෙන කල ප්‍රීතිනොවන්න; ඔහු පැකිලී වැටෙන කලද නුඹේ සිත ප්‍රීතිමත් නොවේවා.

කාරණයක් සඟවාතැබීම දෙවියන් වහන්සේගේ ගෞරවයක්ය: රජුන්ගේ ගෞරවය නම් කාරණයක් සොයා දැනගැනීමය.

තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා අසන කාරණා ගැන බලාගන්න. නුඹලා යම් මිම්මකින් මැනදෙන්නහුද, එයින්ම නුඹලාටත් මැනදෙනු ලැබේ. නුඹලාට තව වැඩියෙන් දෙනුලැබේ.

යේසුස්වහන්සේ කථාකොට: පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔව්හු නොදනිතියි කීසේක. ඔව්හු උන්වහන්සේගේ වස්ත්‍ර දාදුදමා, තමුන් අතරේ බෙදාගත්තෝය.

මනුෂ්‍ය පුත්‍රයා නිසා මනුෂ්‍යයන් නුඹලාට වෛරකරන කලද තමුන්ගේ සමාගමනේ නුඹලා වෙන්කර, නුඹලාට නින්දාකර, නුඹලාගේ නාමය නපුරුයයි පහකරන කලද නුඹලා ආශීර්වාදලද්දෝය.

නුමුත් නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, යහපත කරන්න, සැක නොසිතා ණයට දෙන්න; එවිට නුඹලාගේ විපාකය මහත්වන්නේය; නුඹලා මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද කෘතෝපකාර නොසලකන්නන්ටද දුෂ්ටයන්ටද උන්වහන්සේ කරුණාවන්තව සිටිනසේක.

සරුබිමේ ඒවා නම් අවංකවූ යහපත් සිතින් වචනය අසා, තදින් අල්ලාගෙන, ඉවසීමෙන් ඵලදරන්නෝය.

එබැවින් නුඹලා අසන්නේ කෙසේද කියා බලාගන්න. මක්නිසාද යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලබන්නේය; යමෙකුට නැත්තේද ඔහුට ඇතැයි සිතන දේත් ඔහුගෙන් පැහැරගනු ලබන්නේයයි කීසේක.

තවත් ඒවා සරුබිමේ වැටී, පැළවී, එකෙන් සියයක් ඵල දුන්නෝයයි කීසේක. උන්වහන්සේ මේ දේවල් කියා: අසන්ට කන් ඇත්තේ අසාවයි ශබ්දනගා කීසේක.

දෙවියන්වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරිය යේසුස්වහන්සේ ආලේපකළ බවත්, දෙවියන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩාකරනලද සියල්ලන් සුවකරමින්ද හැසුරුණු බවත්ය.

නුමුත් පාවුල් කථාකොට: නුඹට කිසි අනතුරක් කර නොගන්න. මක්නිසාද අපි සියල්ලෝ මෙහියයි මහත් හඬින් මොරගසා කීවේය.

ඔහු දණින් වැටී: ස්වාමීන්වහන්ස, මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවයි මහත් හඬින් මොරගසා කීවේය. ඔහු මෙසේ කියා සැතපුණේය.

එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.

කිසිවෙක් කාටවත් නපුරට නපුර නොකරන්ට බලාගෙන, එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත්වූ දේ කරන්න.

ප්‍රේමවන්තය, නපුර නොව යහපත ආදර්ශකොට ගන්න. යහපත්කම් කරන්නා දෙවියන්වහන්සේගෙන්ය. නපුර කරන්නා දෙවියන්වහන්සේ දුටුවේ නැත.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්