Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලූක් 5:23

Sinhala Revised Old Version

වඩා පහසු කොයි එකද? නුඹේ පව් නුඹට කමාකර තිබේයයි කීමද? නොහොත්–නැගිට ඇවිදින්නැයි කීමද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

එවිට, ඔව්හු ඇඳක ඔත්පළව හුන් අංශභාග රෝගියෙකු උන්වහන්සේ ළඟට ගෙනාවෝය. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක: පුත්‍රය, ධෛර්යවත්වෙන්න; නුඹේ පව් කමාකරනලද්දේයයි අංශභාග රෝගියාට කීසේක.

වඩා පහසු කොයි එකද? නුඹේ පව් නුඹට කමාකරනලදැයි කීමද? නොහොත්: නැගිට ඇවිදින්නැයි කීමද?

අංශභාග රෝගියාට–නුඹේ පව් කමාකරනලදැයි කීමෙනුත්–නැගිට නුඹේ යහන රැගෙන යන්නැයි කීමෙනුත් වඩා පහසු කෝකද?

යේසුස්වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තරදෙමින්: නුඹලාගේ සිත්වලින් නුඹලා කල්පනාකරගන්නේ කිමෙක්ද?

නුමුත් පොළොවෙහිදී පව් කමාකරන්ට මනුෂ්‍ය පුත්‍රයාට බලය තිබෙන බව නුඹලා දැනගන්නා පිණිසය කියා, උන්වහන්සේ අංශභාග රෝගියාට කථාකොට: නැගිට ඇඳ රැගෙන නුඹේ ගෙදරට යන්නැයි නුඹට කියමියි කීසේක.

එවිට උන්වහන්සේ: නුඹේ පව් නුඹට කමාකරනලදැයි ඈට කීසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්