ඔව්හු තමුන්ගේ ඔරු ගොඩට ඇද, සියල්ල අත්හැර, උන්වහන්සේ අනුව ගියෝය.
මට වඩා පියාටවත් මවුටවත් ප්‍රේමකරන්නා මට සුදුසු නොවේ; මට වඩා පුතාටවත් දුවටවත් ප්‍රේමකරන්නා මට සුදුසු නොවේ.
එවිට පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: අපි සියල්ල අත්හැර ඔබවහන්සේ අනුව ආවෙමුව; එබැවින් අපට ලැබෙන්නේ කුමක්දැයි උන්වහන්සේට කීවේය.
ඇරත් මාගේ නාමය නිසා ගෙවල් හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මවු හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරියාවූ යමෙක් ඇද්ද, ඔහු සියක් ගුණයක් ලබන්නේය, සදාකාල ජීවනයටත් උරුමක්කාරයා වන්නේය.
එකෙණෙහිම ඔව්හු දැල් අත්හැර උන්වහන්සේ අනුව ගියෝය.
එකෙණෙහිම ඔව්හු ඔරුවද තමුන්ගේ පියාද අත්හැර උන්වහන්සේ අනුව ගියෝය.
යේසුස්වහන්සේ ඔහු දෙස බලා, ඔහුට ප්‍රේමකොට: නුඹට එකක් අඩුය. ගොස් නුඹ සන්තක සියල්ල විකුණා දිළිඳුන්ට දෙන්න, ස්වර්ගයෙහි නුඹට වස්තු ඇතිවන්නේය. නුඹ මා අනුව එන්නැයි ඔහුට කීසේක.
ඔහු සියල්ල අත්හැර නැගිට උන්වහන්සේ අනුව ගියේය.