Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලූක් 4:42

Sinhala Revised Old Version

පහන්වූ කල උන්වහන්සේ පිටත්ව වනාන්තර ස්ථානයකට ගියසේක. සමූහයෝ උන්වහන්සේ සොයමින් උන්වහන්සේ ළඟට පැමිණ, ඔවුන් කෙරෙන් නොයන ලෙස උන්වහන්සේ නවත්වාගන්ට උත්සාහකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

නුමුත් ඔහු පිටත්ව ගොස් ඒ කාරණය බොහෝසෙයින් ප්‍රසිද්ධකරන්ටත් පතළකරන්ටත් පටන් ගත්තේය. ඒ නිසා යේසුස්වහන්සේ ප්‍රසිද්ධයෙන් නුවරකට තවත් ඇතුල්වන්ට නොහැකිව, වනාන්තර ස්ථානවල පිටත සිටිසේක. මනුෂ්‍යයෝ සියලු දිශාවලින් උන්වහන්සේ වෙතට ආවෝය.

නුමුත් ඔව්හු: දවස බොහෝ ගතවී, සවස්වේගන එන බැවින්, අප සමඟ නැවතුණ මැනව කියා උන්වහන්සේට උදක්ම පෙරැත්තකළෝය. උන්වහන්සේ ඔවුන් සමඟ නවතින්ට ඇතුළට ගියසේක.

තවද ඒ දවස්වලදී උන්වහන්සේ යාච්ඤාකරන පිණිස කන්දකට ගොස් දෙවියන්වහන්සේට යාච්ඤාකරමින් මුළු රාත්‍රිය ගතකළසේක.

යේසුස්වහන්සේද: මාගේ කෑම නම් මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත කොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීමය.

එවිට සමාරියවරු උන්වහන්සේ ළඟට ඇවිත්, තමුන් සමඟ නවතින ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. උන්වහන්සේ දෙදවසක් එහි නැවතුණුසේක.

එහෙයින් සමූහයෝ යේසුස්වහන්සේවත් උන්වහන්සේගේ ගෝලයන්වත් එහි නැති බව දැනගත් කල, තුමූත් ඔරුවලට නැගී යේසුස්වහන්සේ සොයමින් කපර්ණවුමට ආවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්