එවිට අනාගතවක්තෘවූ යෙසායාගේ පොත උන්වහන්සේට දෙනලද්දේය. උන්වහන්සේ පොත දිගහැර:
නුමුත් ආබ්‍රහම්: මෝසෙස් සහ අනාගතවක්තෘවරු ඔවුන්ට සිටිති; ඔව්හු ඔවුන්ගේ වචන අසත්වයි කීවේය.
මක්නිසාද: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගන්නැයි
උන්වහන්සේ තමන් වැඩුණු නුවරවූ නාසරෙත්ට පැමිණ, තමන්ගේ පුරුද්ද ලෙස සබත් දවසෙහි සිනගෝගයට ඇතුල්ව, කියවන පිණිස නැගුටුණුසේක.
ස්වාමීන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේපකළසේක; වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශකරන්ටද මඩනාලද්දවුන් නිදහස්කර හරින්ටද
පොත අකුළා සේවකයාට දී, වැඩහුන්සේක. එකල සිනගෝගයෙහි සිටි සියල්ලෝ උන්වහන්සේ කෙරෙහි ඇස් හෙළාගෙන සිටියෝය.
ව්‍යවස්ථාවද අනාගතවාක්‍යයද කියෙවු පසු සිනගෝගයේ මුලාදෑනීහු: සහෝදරයෙනි, සෙනඟට අවවාද වචනයක් නුඹලාට ඇත්නම් කියන්නැයි ඔවුන්ට කියා යැවුවෝය.
මක්නිසාද යෙරුසලමෙහි වසන්නෝද ඔවුන්ගේ මුලාදෑනිවරුද උන්වහන්සේවත් සියලු සබත් දවස්වල කියවෙන අනාගතවක්තෘවරුන්ගේ හඬවත් නොදැන, උන්වහන්සේ වරදට පත්කිරීමෙන් ඒවා සම්පූර්ණකළෝය.
එවිට දෙවියන්වහන්සේ ඔවුන් වෙතින් හැරී, අහස් සේනාවට මෙහෙකරන්ට ඔවුන් අත්හැර දැමූසේක; අනාගත වක්තෘවරුන්ගේ පොතේ ඒ ගැන මෙසේ ලියා තිබේ, කෙසේද: එම්බා ඉශ්‍රායෙල් වංශය, මැරුවාවූ මෘගයන් හා යාග නුඹලා වනයෙහිදී සතළිස් අවුරුද්දක් මට පූජාකළහුද?