නුමුත් ඔව්හු ත්‍රස්තව, භයපත්ව, ආත්මයක් පෙනුණේයයි සිතුවෝය.
ඔහු කථාකොට: එසේ නොවේ, පියවූ ආබ්‍රහම්. මළවුන්ගෙන් යමෙක් ඔවුන් වෙතට ගියොත් ඔවුන් පසුතැවිලිවෙනවා ඇතැයි කීවේය.
උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා කැලඹෙන්නේ මක්නිසාද? නුඹලාගේ සිත්වල ශංකා හටගන්නේ මක්නිසාද?
නුඹට ඔල්මාදයයි ඔව්හු කීවෝය. නුමුත් ඈ: ඒ ඔහුමයයි සහතිකකොට කීවාය. ඒ ඔහුගේ දූතයායයි ඔව්හු කීවෝය.
රජද: භයනොවෙන්නැයි කියා-නුඹට පෙනෙන්නේ කුමක්දැයි ඇගෙන් ඇසුවේය. දෙවිකෙනෙක් පොළොවෙන් නැගී එනවා මට පෙනේ යයි ස්ත්‍රී සාවුල්ට කීවාය.