බලව, ඔවුන්ගෙන් දෙදෙනෙක් ඒ දවසේම යෙරුසලමේ සිට දෙගව්වක් පමණ දුරවූ එම්මාවුස් නම් ගමකට යද්දී,
සිද්ධවූ ඒ සියල්ල ගැන කථාකළෝය.
ඔවුන්ගෙන් ක්ලෙයෝපස් නම් එක්කෙනෙක් උන්වහන්සේට උත්තරදෙමින්: මේ දවස්වලදී යෙරුසලමෙහි විදේශීව සිටිමින්, එහි සිදුවූ කාරණා නොදන්නේ නුඹ පමණක්දැයි උන්වහන්සේට කීවේය.