නුමුත් ඔව්හු: මොහු කුරුසියෙහි ඇණගැසුව මැනව, කුරුසියෙහි ඇණගැසුව මැනව, කියා මොරගැසුවෝය.
ඔහු කුරුසියෙහි ඇණගැසුව මැනවැයි නැවතත් ඔව්හු මොරගැසුවෝය.
පිලාත් යේසුස්වහන්සේ මුදාහරින්ට කැමතිව, නැවතත් ඔවුන්ට කථාකෙළේය;
ඔහු තුන්වෙනි වර කථාකොට: කිමෙක්ද? මොහු කවර නපුරක් කෙළේද? මරණයට සුදුසු කිසිදෙයක් මොහු අත මට සම්බ නූණේය. එබැවින් මොහුට තළා මුදාහරිමියි ඔවුන්ට කීවේය.
නුමුත් උන්වහන්සේ කුරුසියෙහි ඇණගසන ලෙසම ඔව්හු වඩ වඩා ශබ්දනගා ඉල්ලා සිටියෝය. තවද ඔවුන්ගේ මොරගැසීමට ජය ලැබුණේය.
එබැවින් ඔව්හු: ඔහු පහකළ මැනව, පහකළ මැනව! කුරුසියෙහි ඇණ ගැසුව මැනව කියා මොරගැසුවෝය. නුඹලාගේ රජ්ජුරුවන් කුරුසියෙහි ඇණගසම්දැයි පිලාත් ඔවුන්ගෙන් ඇසුවේය. නායක පූජකයෝ උත්තරදෙමින්: කායිසර් මිස අපට රජෙක් නැතැයි කීවෝය.
උන්වහන්සේ කෙරෙහි මරණයට සුදුසු කිසිවක් සම්බ නූණ නුමුත්, උන්වහන්සේව මරන ලෙස ඔව්හු පිලාත්ගෙන් ඉල්ලුවෝය.