එවිට එක් යෞවනියෙක් ඔහු ගිනි ළඟ ඉන්නවා දැක, ඔහු දෙස හොඳට බලා: මොහුත් ඔහු සමඟ සිටියේයයි කීවාය.
පේතෘස් පිටත මළුවෙහි හිඳගෙන උන්නේය. යෞවනියක් ඔහු ළඟට ඇවිත්: නුඹත් ගලීලයාවූ යේසුස් සමඟ සිටියෙහියයි කීවාය.
සවස්වූ කල උන්වහන්සේ දොළොස්දෙනා සමඟ ආසේක.
නුමුත් යේසුස්වහන්සේ කියනසේක්: ඈ නිකම් උන්නාවේ; නුඹලා ඈට කරදරකරන්නේ මක්නිසාද? ඈ මට කළේ යහපත් ක්‍රියාවක්ය.
එවිට උන්වහන්සේ ඔහුගේ ඇස් පිට නැවත අත් තැබූසේක; ඔහු ස්ථිරලෙස බලා, සුවය ලැබ, සියල්ල පැහැදිලිලෙස දුටුවේය.
එහෙත් පේතෘස් ඈතින් පස්සේ ගියේය. ඔවුන් ශාලාව මැද ගිනි පත්තුකොට, එකතුව හිඳගෙනඋන් කල, පේතෘස් ඔවුන් මැද හිඳගත්තේය.
නැත, ස්ත්‍රිය, මම ඔහු නාඳුනමියි ඔහු කීවේය.
එවිට දොරටුපාලීවූ තරුණී: නුඹත් ඒ මනුෂ්‍යයාගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක්දැයි පේතෘස්ගෙන් ඇසුවාය. නැතැයි ඔහු කීවේය.