උන්වහන්සේ ඒ ස්ථානයට පැමිණ සිටියදී කථාකොට: නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන ලෙස යාච්ඤා කරන්නැයි ඔවුන්ට කීසේක.
යාබෙශ්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට: අහෝ, ඔබ මට ආශීර්වාදකර, මාගේ සීමාව විශාලකර, ඔබගේ අතින් මට පිහිටවී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනවයි කීවේය. දෙවියන්වහන්සේද ඔහුගේ ඉල්ලීම ඉෂ්ටකළසේක.
ඔබගේ වාක්‍ය මාර්ගයෙහි මාගේ පාද හැසිරෙවුව මැනව; කිසි අයුත්තකට මා කෙරෙහි බල පවත්වන්ට ඉඩ නුදුන මැනව.
මාගේ අඩි ඔබගේ මාවත්වල ස්ථිරලෙස පිහිටියේය, මාගේ පාද නොලිස්සුවේය.
එඩිතරව පව්කිරීමෙන් ඔබගේ මෙහෙකරුවා වැලැක්වුව මැනව; ඒවා මා කෙරෙහි අධිපතිකම් නොකෙරේවා. එවිට මම නිර්දෝෂ වන්නෙමි, මහත් අපරාධයෙන් නිදොස්වන්නෙමි.
අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මැනව.
අපේ පව් අපට කමාකළ මැනව; මක්නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමාවෙමුව. අප පරීක්ෂාවට නොපැමිණෙවුව මැනවයි කියන්නැයි කීසේක.
නුඹලා නිදාඉන්නේ මක්නිසාද? පරීක්ෂාවට නොපැමිණෙන පිණිස නැගිට යාච්ඤාකරන්නැයි ඔවුන්ට කීසේක.
නුමුත් සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤාකිරීම පිණිස පිබිද සිටින්න.
මාගේ ඉවසීමේ වචනය නුඹ රක්ෂාකළ හෙයින් පොළොවේ වසන්නන් පරීක්ෂාකිරීමට මුළු ලෝකය පිටට පැමිණෙන්ට තිබෙන්නාවූ පරීක්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂාකරන්නෙමි.