Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලූක් 20:46

Sinhala Revised Old Version

දිග උතුරු සළු ඇඳ ඇවිදීමට කැමතිවූ, වෙළඳාම්පළවලදී ආචාරවලටද සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද මංගල්‍යවලදී ප්‍රධාන ස්ථානවලටද ආශා ඇති,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

14 හුවමාරු යොමු  

මනුෂ්‍යයෙකුගේ උඩඟුකම ඔහු පහත හෙළයි; එහෙත් සිතින් පහත්ව සිටින්නා ගෞරව ලබයි.

යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: ඵරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද මුහුන්වලින් ප්‍රවේසම්වෙන්ට බලා ගන්නැයි ඔවුන්ට කීසේක.

එකල යේසුස්වහන්සේ සමූහයන්ටත් තමන් ගෝලයන්ටත් කථාකොට:

උන්වහන්සේ: ඵරිසිවරුන්ගේ මුහුන්වලිනුත් හෙරොද්ගේ මුහුන්වලිනුත් ප්‍රවේසම්වෙන්ට බලාගන්නැයි ඔවුන්ට අණකළසේක.

ඵරිසිවරුනි, නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද වෙළඳාම්පළවලදී ආචාර ලැබීමටද කැමතිවන්නහුය.

ඒ අතරතුරේදී, ඔවුනොවන් පෑගෙන තරම් සමූහයාගෙන් දහස් ගණන් රැස්ව සිටියදී, උන්වහන්සේ පළමුකොට තමන් ගෝලයන්ට කථාකරන්ට පටන්ගෙන: නුඹලා ඵරිසිවරුන්ගේ වංචා නැමති මුහුන්වලින් ප්‍රවේසම්වෙන්න.

කැඳවනු ලැබූවන් ප්‍රධාන ආසන තෝරාගන්න බව උන්වහන්සේ දැක, ඔවුන්ට උපමාවක් කියනසේක්:

වැන්දඹුවන්ගේ ගෙවල් කොල්ලකමින්, වංචා පිණිස දීර්ඝ යාච්ඤාකරන්නාවූ ලියන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු වඩා බරපතළ දඬුවමට පත්කරනු ලබන්නෝයයි කීසේක.

සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම් කොට සලකන්න;

ඔහු අතිශයින් අපගේ වචනවලට විරුද්ධව සිටිය නිසා නුඹත් ඔහුගෙන් ප්‍රවේසම්වෙන්න.

මම සභාවට මඳක් ලියා එවුවෙමි. නුමුත් ඔවුන් අතරෙහි ප්‍රධානකමට කැමති දියොත්‍රෙපස් අප පිළිගන්නේ නැත.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්