එවිට ලියන්නන්ගෙන් සමහරෙක් උත්තරදෙමින්: ආචාරිනි, ඔබ කීවා යහපතැයි කීවෝය.
උන්වහන්සේ මළවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවියන්වහන්සේය. මක්නිසාද සියල්ලෝම උන්වහන්සේ උදෙසා ජීවත්ව සිටිතියි කීසේක.
මක්නිසාද උන්වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්ට ඔවුන්ට තවත් ධෛර්යය නොතිබුණේය.
එකල මහත් මොරගැසීමක් විය. ඵරිසිවරුන්ගේ පක්ෂයේ ලියන්නන්ගෙන් සමහරෙක් නැගිට විවාදකොට: මේ මනුෂ්‍යයා අත කිසි නපුරක් අපට නොපෙනේ. ඉඳින් ආත්මයක්වත් දේවදූතයෙක්වත් මොහුට කථාකෙළේනම් කිමෙක්දැයි කීවෝය.