ඔව්හු කොටළුපැටවා උන්වහන්සේ ළඟට ගෙනැවිත්, තමුන්ගේ වස්ත්‍ර ඌ පිට අතුරා, යේසුස්වහන්සේ ඒ පිට හිඳෙවුවෝය.
එවිට ඔව්හු ඉක්මන්ව එකිනෙකා තම තමාගේ වස්ත්‍රය රැගෙන ඔහුට යටින් ඒවා පඩිපෙළ මත්තෙහි එළා, හොරණෑ පිඹ: යේහු රජ්ජුරුවෝයයි කීවෝය.
මෙසේ වූයේ, බලව, නුඹේ රජ කොටළුවෙකු පිටද, කොටළුවෙකුගේ පැටවාවූ වස්සෙකු පිටද නැගී, මොළොක් ගුණයෙන් යුක්තව නුඹ වෙතට එනසේකැයි සියොන්ගේ දුවට කියන්නැයි
කොටළුදෙනත් පැටියත් ගෙනවුත් තමුන්ගේ වස්ත්‍ර උන් පිට එළුවෝය; උන්වහන්සේ ඒ පිට හිඳගත්සේක.
ස්වාමීන්වහන්සේට ඌ ඕනෑයයි ඔව්හු කීවෝය.
උන්වහන්සේ යද්දී ඔව්හු තමුන්ගේ වස්ත්‍ර මග අතුළෝය.
පසුවදා මංගල්‍යයට ඇවිත් සිටිය මහත් සමූහයක් යේසුස්වහන්සේ යෙරුසලමට එන සේකැයි අසා,
සියොන් දියණියෙනි, භය නොවව. බලව, නුඹේ රජ කොටළු පැටවෙකු