එසේ නම් මා ආ කල්හි පොළිත් සමඟ අයකරගන්න පිණිස මාගේ මුදල බැංකුවට නුදුන්නේ මක්නිසාද කියා,
එසේ නම් මාගේ මුදල මිල ගනුදෙනුකරන්නන්ට නුඹ විසින් දිය යුතුව තිබුණේය, එවිට මා ආ කල මට අයිති දේ පොළියත් සමඟ ලබන්ට තිබුණේය.
එවිට ඔහු කථාකොට: දුෂ්ටවූ දාසය, නුඹේම කටින් නුඹ විනිශ්චයකරමි. මා නොතිබූ දේ ගන්නාවූ, නොවපුළ දේ කපන්නාවූ, කර්කස කෙනෙක් බව නුඹ දැනගෙන සිටියෙහිය;
ළඟ සිටියවුන්ට කථාකොට: පවුම ඔහුගෙන් රැගෙන පවුම් දසය ඇත්තාට දෙන්නැයි කීවේය.