මා විසින් නුඹට කුමක් කරනවාට නුඹ කැමැත්තෙහිදැයි ඔහුගෙන් ඇසූසේක. ස්වාමීනි, මට පෙනීම ලැබේවයි ඔහු කීවේය.
යේසුස්වහන්සේ නැවතී සිට ඔහු තමන් ළඟට ගෙනෙන්ට අණකළසේක. ඔහු ළඟට ආ කල:
යේසුස්වහන්සේ: පෙනීම ලබන්න. නුඹේ ඇදහිල්ල නුඹ සුවකෙළේයයි ඔහුට කීසේක.
නුමුත් අපි නොපෙනෙන දේ ගැන බලාපොරොත්තුවෙමු නම් ඉවසිල්ලෙන් ඒ ගැන බලා සිටිමුව.
නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.