නුමුත් ඔහු ඒ අසා, බොහෝ ධනවත්ව සිටි බැවින්, අතිශයින් ශෝකවූයේය.
එසේ ඔව්හු සෙනඟක් එන්නාක්මෙන් නුඹ ළඟට ඇවිත්, මාගේ සෙනඟ මෙන් නුඹ ඉදිරියෙහි හිඳගෙන, නුඹේ වචන අසති, නුමුත් ඔව්හු ඒවා නොපවත්වති. මක්නිසාද තමුන්ගේ කටින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති, නුමුත් ඔවුන්ගේ සිත ඔවුන්ගේ ලාභය පස්සේ යන්නේය.
නුමුත් යෞවනයා ඒ කීම අසා, තමා බොහෝ සම්පත් ඇති කෙනෙක්ව සිටි බැවින්, ශෝකයෙන් යන්ට ගියේය.
එහෙත් ඔහුට බොහෝ සම්පත් තිබුණු බැවින් ඔහු ඒ කීම නිසා මුහුණ මැලවී, ශෝකයෙන් යන්ට ගියේය.
තවද උන්වහන්සේ කථාකොට: සියලු ආකාර ලෝභකමෙන් ප්‍රවේසම්වෙන්ට බලාගන්න. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැතැයි ඔවුන්ට කීසේක.
යේසුස්වහන්සේ ඒ අසා: නුඹට තව එක දෙයක් අඩුය. නුඹ සන්තක සියල්ල විකුණා, දිළිඳුන්ට බෙදාදෙන්න, එවිට ස්වර්ගයෙහි නුඹට වස්තුව ලැබෙන්නේය. මා අනුවයන්ට එන්නැයි ඔහුට කීසේක.
යේසුස්වහන්සේ ඔහු දෙස බලා කියනසේක්: වස්තු ඇති අය දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්නේ කොපමණ අමාරුවෙන්ද!
සාකෙවුස් නැගිට සිට: ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි; යමෙකුගෙන් අයුත්තේ යමක් ගෙන තිබේ නම්, ඔහුට සතරගුණයක් නැවත දෙමියි ස්වාමීන්වහන්සේට කීවේය.
එහෙත් ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත්කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න.
කටු අතරේ වැටුණ ඒවා නම් වචනය අසා, තමුන්ගේ ජීවිත ගමනේදී එහි වෙහෙසීම්වලින්ද වස්තුවෙන්ද සැපජීවිකාවෙන්ද වචනය යටව, සම්පූර්ණ ඵල නොදරන්නෝය.
මක්නිසාද වේශ්‍යාකම් කරන්නෙකුටවත් අපවිත්‍ර තැනැත්තෙකුටවත් රූපවඳින්නෙක්වූ ලෝභයෙකුටවත් ක්‍රිස්තුස්වහන්සේගේද දෙවියන්වහන්සේගේද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන බව නුඹලා සත්තකලෙස දැන සිටින්නහුය.
එසේය, මාගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඇඳිනගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැතිවී ගියා පමණක් නොව; ඒවා කුණුයයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස්වහන්සේ ලබාගන්නා පිණිසත්,
එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැඳීමවූ තණ්හාවත් නසන්න.
ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.