ඒ දවසේ ගේ උඩ සිටින්නා ගෙයි තිබෙන තමාගේ බඩු ගෙනයන්ට නොබසීවා. එසේම කෙතේ සිටින්නා ආපසු නොඒවා.
සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: හම වෙනුවට හමත්, එසේය, තමාගේ ප්‍රාණය වෙනුවට තමාට ඇති සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය.
නුඹටම මහත් දේවල් ලබාගන්නට නුඹ සොයන්නෙහිද? එසේ නොසොයන්න. මක්නිසාද මාංසමයවූ සියල්ලන් පිටට විපත්තිය පමුණුවමි. නුමුත් නුඹ යන්නාවූ සියලුම ස්ථානවලදී නුඹේ ප්‍රාණය කොල්ලයක් කොට නුඹට දෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
යම් මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාගේ ජීවිතය නැතිවුණොත් ඔහුට මොන ලාභයක්ද? නොහොත් මනුෂ්‍යයෙක් තමාගේ ජීවිතය වෙනුවට දෙන්නේ කුමක්ද?
එහෙයින් නුඹලාට කියමි: කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද?
එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායත්වා; එහි තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද සිටින්නෝ එහි ඇතුල් නොවෙත්වා.