ඔහුගේ වැඩිමහල් පුත්‍රයා කෙතෙහි සිටියේය. ඔහු ඇවිත් ගෙදරට ළංවූ කල, තූර්යනාදයත් නැටීමත් ඇසී,
දාවිත් හණ ඒඵොද් සැට්ටයක් හැඳගන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේය.
ස්වාමීන්වහන්සේ සියොන් කෙරෙන් වාලට ගෙනයනලද්දවුන් ආපසු ගෙනා කල, අපි හීනයක් දුටුවන් මෙන් වීමුව.
නටමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. රබාන සහ වීණාව ගෙන උන්වහන්සේට ප්‍රශංසා ගී කියත්වා.
රබානෙන් හා නැටීමෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. වීණා තතින් හා නළාවෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.
ඔබ මාගේ වැලපීම නැටීමට පෙරළූසේක; ඔබ මාගේ ගෝණි රෙදි මුදා සතුටු පිළියෙන් මාගේ ඉණ සැරසූසේක.
එවිට ආරොන්ගේ සහෝදරීවූ මිරියාම් ප්‍රොපේත දූ තොමෝ රබානක් අතින් ගත්තීය; සියලු ස්ත්‍රීහු රබන්ද නැටුම්ද ඇතුව ඈ පස්සේ ගියෝය.
අඬන්ට කාලයක් සහ සිනාසෙන්ට කාලයක්ය; විලාපකියන්ට කාලයක් සහ නටන්ට කාලයක්ය;
එම්බා ඉශ්‍රායෙල් කන්‍යාව, නැවත නුඹ ගොඩනගන්නෙමි, මෙසේ නුඹ ගොඩනගනු ලබන්නෙහිය. නුඹ නැවත නුඹේ රබන්වලින් සැරසී සන්තෝෂවෙන්නන් සමඟ නටමින් යන්නෙහිය.
මක්නිසාද මේ මාගේ පුත්‍රයා නැසී, නැවත ජීවත්ව සිටියි; ඔහු නැතිවී, සම්බවීයයි කීවේය. එවිට ඔව්හු ප්‍රීතිවෙන්ට පටන්ගත්තෝය.
දාසයන්ගෙන් එක්කෙනෙකුට හඬගසා: මේ මොකදැයි විචාළේය.
අපි නුඹලාට නළා පිම්බෙමුව, නුඹලා නැටුවේ නැත; නුඹලාට විලාප කීමුව, නුඹලා ඇඬුවේ නැතැයි වෙළදාම්පළේ හිඳ ඔවුනොවුන්ට හඬගසා කියන්නාවූ දරුවන් හා සමාන වෙති.