එවිට ඔහු මිදිවත්ත බලන්නාට කථාකොට: බලව, මේ තුන් අවුරුද්දේම මේ අත්තික්කා ගහේ ගෙඩි සොයා ආ නුමුත් කිසිවක් සම්බවුණේ නැත. ඒක කපාදමන්න; පොළොවට බරව තිබෙන්නෙත් මක්නිසාදැයි කීවේය.
එබැවින් මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී ඔවුන් විනාශකරන පිණිස මට ඉඩහරින්න; මම නුඹෙන් මහත් ජාතියක් උපදවන්නෙමියි මෝසෙස්ට කීසේක.
ඔහු මොරගා කෑගසමින්: ගහ කපාදමන්න, ඒකේ අතුත් කපාදමා, ඒකේ කොළ සොලවාදමා, ඒකේ ඵල විසුරුවන්න. මෘගයෝ ඒක යටින්ද පක්ෂීහු ඒකේ අතුවලින්ද අහක්ව යත්වා.
නුඹලා දේශයට අවුත් ආහාර පිණිස සියලු ආකාර ගස් සිටෙවු කල එහි ඵල ඒවායේ අචර්මඡේද්‍යය මෙන් සලකන්න. ඒවා තුන් අවුරුද්දක් නුඹලාට අචර්මඡේද්‍යය මෙන් තිබිය යුතුය; ඒවා නොකෑ යුතුය.
හවෙනි අවුරුද්දේ තුන් අවුරුද්දකට අස්වැන්න ලැබෙන හැටියට මාගේ ආශීර්වාදය නුඹලා කෙරෙහි පැමිණෙන්ට අණකරන්නෙමි.
හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ, ගින්නෙහි දමනු ලැබේ.
ඔහු උත්තරදෙමින්: ස්වාමීනි, ඒක වටකර හාරා, පෝර දමන තුරු, මේ අවුරුද්දෙත් තිබුණාවේ.
තවද දැනටම පොරොව ගස් මුලට තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබේයයි කීවේය.
මා තුළෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහකරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍රකරනසේක.
යමෙක් මා තුළෙහි නොපවතී නම්, ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළීයයි; ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ, ඒවා දාලායන්නේය.