Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලූක් 13:12

Sinhala Revised Old Version

යේසුස්වහන්සේ ඈ දැක අඬගසා: ස්ත්‍රිය, නුඹේ දුර්වලකමින් නුඹ මිදුණෙහිය කියා, ඈ පිට අත් තැබූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

උන්වහන්සේ ස්වකීය වචනය එවා ඔවුන් සුවකොට ඔවුන්ගේ විනාශවලින් මුදාහරිනසේක.

මා ගැන විභාග නොකළ අයට ප්‍රකාශවුණෙමි; මා නොසෙවු අයට සම්බවුණෙමි. මාගේ නාමය නොදැරූ ජාතියකට: මම මෙහිය, මම මෙහියයි කීවෙමි.

නුඹලාගේ හීවැල්වලින් කඩුද නුඹලාගේ දෑකැතිවලින් හෙල්ලද තළාගන්න. මම බලවන්තයෙක්මියි බෙලහීනයා කියාවා.

තවද යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සෙනඟ අතරෙහි සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද ගලීලය මුළුල්ලෙහි ඇවිද්දසේක.

සවස්වු කල යක්ෂාවේශවූ බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය. උන්වහන්සේ වචන මාත්‍රයකින් ආත්මයන් දුරුකළසේක, රෝගාතුරවූ සියල්ලන් සුවපත් කළසේක.

බලව, දසඅට අවුරුද්දක් දුර්වලකමේ ආත්මයක් ඇතිවූ කොයි ප්‍රකාරයකින්වත් කෙලින් වෙන්ට බැරි ස්ත්‍රියෙක් එහි සිටියාය.

එකෙණෙහිම ඈ කෙලින්වී, දෙවියන්වහන්සේට ප්‍රශංසාකළාය.

එසේ නම්, දසඅට අවුරුද්දක් මුළුල්ලෙහි සාතන් විසින් බැඳ සිටි, ආබ්‍රහම්ගේ දුවෙක්වූ මේ ස්ත්‍රිය ඒ බැම්මෙන් සබත් දවසේදී මුදන්ට යුතුව තිබුණා නොවේදැයි කීසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්