ඔහු ඇතුළේ සිට උත්තරදෙමින්: මට වෙහෙස නොකරන්න. දැන් දොර වසා තිබේ, මාගේ දරුවෝ මා සමඟ නිදාගෙන සිටිති; නැගිට නුඹට දෙන්ට බැරියයි කියයිද?
මාගේ සැට්ටය මුදා තැබීමි; මා ඒක අඳින්නේ කොහොමද? මාගේ පාද සේදීමි; ඒවා මම කෙසේ කිලුටුකරන්නෙම්දැයි කීවෙමි.
මිලේට ගන්ට ඔවුන් ගිය අතර මනමාලයා ආවේය; සෑදී සිටියෝ ඔහු සමඟ සරණ මංගල්‍යයට ඇතුල්වූවෝය. දොරද වසනලද්දේය.
මක්නිසාද ගමනක් යන මාගේ මිත්‍රයෙක් මා ළඟට ඇවිත් සිටියි, ඔහු ඉදිරියෙහි තබන්ට කිසිවක් මා ළඟ නැතැයි කියන්නේ නම්,
නුඹලාට කියමි–ඔහු තමාගේ මිත්‍රයෙකු නිසා නැගිට ඔහුට නොදෙතත්, ඔහුගේ කන්නලව්ව නිසා නැගිට ඔහුට ඕනෑ පමණ දෙන්නේයයි කීසේක.
ගෙයි ස්වාමීයා නැගිට දොර වැසුවායින් පසු, නුඹලා පිටත සිට දොරට තට්ටුකරන්ට පටන්ගෙන: ස්වාමීනි, අපට දොර ඇරිය මැනවයි කියන කල, උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා කොතැනින් ආවාද කියා නොදනිමියි නුඹලාට කියන්නේය.
එවිට යේසුස්වහන්සේ ඔවුන් සමඟ ගියසේක. උන්වහන්සේ ගෙට නුදුරුව සිටිද්දී සියයකට මුලාදෑනියා උන්වහන්සේ ළඟට මිත්‍රයන් යවා: ස්වාමිනි, වෙහෙස නූව මැනව. ඔබ මාගේ පියස්ස යටට එන්ට මම නොවටිමි.
මින්මතු කිසිවෙක් මට කරදර නොකෙරේවා. මක්නිසාද මම යේසුස්වහන්සේගේ සළකුණු මාගේ ශරීරයේ දරමි.