මගේ පක්ෂයට නොසිටින්නා මට විරුද්ධය; මා සමඟ රැස් නොකරන්නා විසුරුවන්නේය.
මාගේ පක්ෂයට නොසිටින්නා මට විරුද්ධය; මා සමඟ රැස් නොකරන්නා විසුරුවයි.
අපට විරුද්ධ නැති තැනැත්තේ අපගේ පක්ෂයටය.
නුමුත් ඔහුට වඩා බලවන්තයෙක් ඔහු කරා පැමිණි කල, ඔහු පරාජයකොට, ඔහු විශ්වාසකළ ඔහුගේ සියලු යුද්ධායුධ උදුරාගෙන, කොල්ලකාගත් දේ බෙදාදෙන්නේය.
නුමුත් යේසුස්වහන්සේ: තහනම්කරන්ට එපා. මක්නිසාද නුඹලාට විරුද්ධව නැති තැනැත්තේ නුඹලාගේ පක්ෂයටයයි ඔහුට කීසේක.