කන්‍යාවකු වෙතට දෙවියන්වහන්සේ වෙතින් ගාබ්‍රියෙල් නම් දූතයා යවනලද්දේය; ඒ කන්‍යාවගේ නාමය මරියාය.
මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයි කීසේක.
එබැවින් ස්වාමීන්වහන්සේම නුඹලාට ලකුණක් දෙනසේක; බලව, කන්‍යාව ගර්භීණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය.
අහෝ පසුබටවන දුව, නුඹ කොපමණ කල් ඔබමොබ යන්නෙහිද? මක්නිසාද ස්වාමීන්වහන්සේ පොළොවෙහි අමුතු දෙයක් මවා තිබේ: ස්ත්‍රිය පුරුෂයා කෙරෙහි ඇලුම්ව බැඳෙන්නීය.
යාකොබ්ට දාව මරියාගේ පුරුෂයාවූ යෝසෙප් උපන්නේය; මරියාගෙන් ක්‍රිස්තුස් නම්වූ යේසුස්වහන්සේ උපන්සේක.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උත්පත්තිය මෙසේ විය. උන්වහන්සේගේ මවුවූ මරියා යෝසෙප්ට විවාහබස් දී සිටියදී, ඔවුන් එක්වෙන්ට පළමුවෙන්, ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ඈ ගර්භිණීවූ බව දැනගන්නාලදී.
ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘ ලවා කියෙවු කීම සම්පූර්ණවන පිණිසය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන්වහන්සේ අප සමඟය යනුයි.
ඔහු ඈ සිටි තැනට පැමිණ: බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය, ශුභසිද්ධවේවා, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීවේය.