Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යොහන් 9:21

Sinhala Revised Old Version

නුමුත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදැයි නොදනිමුව; ඔහුගේ ඇස් පෑදුවේ කවුද කියාත් අපි නොදනිමුව. ඔහුගෙන් අසන්න; ඔහුට වයස් ඇත්තේය; ඔහුම තමා ගැන කියනවා ඇතැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

දොළොස් අවුරුද්දක් මහලේ රෝගය ඇතුව, වෙදුන්ට තමාගේ සියලු සම්පත් වියදම්කොටත් කිසිවෙකුගෙන් සුවයක් ලබන්ට බැරිවූවාවූ ස්ත්‍රියෙක් පස්සෙන් ඇවිත්,

තිස්අට අවුරුද්දක් දුර්වලකමෙන් පීඩිතවූ එක්තරා මනුෂ්‍යයෙක් එහි සිටියේය.

එසේ නම් නුඹේ ඇස් පෑදුණේ කොහොමදැයි ඔව්හු ඔහුගෙන් ඇසුවෝය.

ඔහුගේ මවුපියෝ ඔවුන්ට උත්තරදෙමින්: මොහු අපගේ පුත්‍රයා බවද අන්ධව උපන් බවද අපි දනිමුව.

ඔහුගේ මවුපියන් මෙසේ කීවේ යුදෙව්වරුන්ට භයව සිටි නිසාය. මක්නිසාද යමෙක් උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඒත්තුගත්තොත් ඔහු සිනගෝගයෙන් අහක්කරනු ලබන්නේයයි යුදෙව්වරුන් නියමකරගෙන තිබුණේය.

ඒ නිසා ඔහුගේ මවුපියෝ: ඔහුට වයස් ඇත්තේය, ඔහුගෙන් අසන්නැයි කීවෝය.

එහි අට අවුරුද්දක් අංශභාග රෝගියෙක්ව ඔත්පළව හුන් අයිනෙයස් නම් එක්තරා මනුෂ්‍යයෙක් ඔහුට සම්බවුණේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්