එබැවින් නුඹලා රවටන්ටවත් මෙලෙස නුඹලා පොළඹන්ටවත් හෙසකියාට ඉඩනොදෙන්න, ඔහු විශ්වාස නොකරන්න. මක්නිසාද කවර ජාතියක හෝ රාජ්‍යයක හෝ කිසි දෙවිකෙනෙකුටවත් තමාගේ සෙනඟ මාගේ අතින්වත් මාගේ පියවරුන්ගේ අතින්වත් ගළවාගන්ට පුළුවන් නොවීය. එසේවී නම් නුඹලාගේ දෙවියන්වහන්සේ නුඹලා මාගේ අතින් ගළවන්නේ කොහොමදැයි කීවේය.