ඒ නිසා උන්වහන්සේගේ සහෝදරයෝ කථාකොට: නුඹ කරන ක්‍රියා නුඹේ ගෝලයන් විසින්ද දකින පිණිස මෙයින් පිටත්ව යුදයට යන්න.
දැන් එන්න, ඔහු මරා වළක දමා චණ්ඩ මෘගයෙක් ඔහු කෑවේයයි කියමුව. එවිට ඔහුගේ ස්වප්නවලට කුමක් වන්නේදැයි බලමුයයි කීවෝය.
මක්නිසාද නුඹේ සහෝදරයෝද නුඹේ පියාගේ වංශයද පවා නුඹට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය; ඔව්හු පවා නුඹට පස්සෙන් තදින් මොරගැසුවෝය. ඔවුන් නුඹ සමඟ හොඳින් කථාකරන නුමුත් ඔවුන් විශ්වාස නොකරන්න.
උන්වහන්සේ සමූහයන්ට කථාකරමින් සිටියදීම උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද උන්වහන්සේ සමඟ කථාකරන්ට සොයමින් පිටත සිටියෝය.
උන්වහන්සේගේ නෑයෝ ඒ අසා, උන්වහන්සේට ඔල්මාදයයි කියා උන්වහන්සේ අල්ලන්ට ගියෝය.
එවිට උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද ඇවිත් පිටත සිට උන්වහන්සේ කැඳවන්ට යැවුවෝය.
උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද උන්වහන්සේ වෙතට ආවෝය, නුමුත් සමූහයා නිසා උන්වහන්සේ ළඟට එන්ට නුපුළුවන්විය.
එවිට: ඔබගේ මෑණියෝද සහෝදරයෝද ඔබ දකිනු කැමතිව පිටත සිටිතියි උන්වහන්සේට කියනලද්දේය.
යේසුස්වහන්සෙත් උන්වහන්සේගේ ගෝලයොත් සරණ මංගල්‍යයට කැඳවනු ලැබුවෝය.
එබැවින් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් ඒ අසා: මේක තද කීමක්ය; ඒක අසන්ට පුළුවන් කාටදැයි කීවෝය.
මේ නිසා එවක් පටන් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබටවී, උන්වහන්සේ සමඟ තවත් නොහැසුරුණෝය.
නුමුත් තමන් සහෝදරයන් මංගල්‍යයට ගියායින් පසු උන්වහන්සේද ප්‍රසිද්ධයෙන් නොව රහසින් මෙන් මංගල්‍යයට ගියසේක.
මක්නිසාද ප්‍රසිද්ධවෙන්ට කැමති කිසිවෙක් කිසිදෙයක් රහසින් කරන්නේ නැත. නුඹ මේ දේ කරනවා නම් නුඹ ලෝකයාට ප්‍රකාශවෙන්නැයි කීවෝය.
මක්නිසාද උන්වහන්සේගේ සහෝදරයන් පවා උන්වහන්සේ කෙරෙහි අදහාගත්තේ නැත.
නුමුත් පේතෘස් එකොළොස්දෙනා සමඟ නැගිට ශබ්දනගා ඔවුන්ට කියනුයේ: යුදයේ මනුෂ්‍යයෙනි, යෙරුසලමේ වසන සියල්ලෙනි, මේක දැනගන්න. මාගේ වචනවලට කන්දෙන්න.
ඔහු මිනිසුන්ට කථාකරන කල ඔහුගේ වැඩිමහල් සහෝදරවූ එලියාබ් අසාගෙන සිටියේය; එවිට එලියාබ් දාවිත් කෙරෙහි කෝපවී: නුඹ ආවේ මොකටද? කාන්තාරයෙහි ඉන්න ඒ බැටළුවන් ස්වල්පදෙනා නුඹ කාට භාරදී ආවාද? නුඹේ උඩඟුකමත් සිතේ මුරණ්ඩුකමත් මම දනිමි; නුඹ ආවේ යුද්ධය බලන පිණිසයයි කීවේය.