පිලිප් උන්වහන්සේට උත්තරදෙමින්: එකිනෙකාට ටික ටිකවත් ලැබෙන පිණිස මසු දෙසියයක රොටිත් ඔවුන්ට මදියයි කීවේය.
ඔහුගේ මෙහෙකරුවා: කිමෙක්ද? මේවා මනුෂ්‍යයන් සියයක් ඉදිරියෙහි තබන්ටදැයි කීවේය. එහෙත් ඔහු: ඒවා සෙනඟට කන්ට දෙන්න; මක්නිසාද–ඔවුන් කා ඉතුරුකරනවා ඇත කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.
එහෙත් ඒ දාසයා පිටත්ව ගොස්, තමාගේ සහකාර දාසයන්ගෙන් තමාට මසු සියයක් ණයවූ එක්කෙනෙකු දැක, ඔහු අල්වා, ඔහුගේ බෙල්ල මිරිකාගෙන: ණය ගෙවන්නැයි කීවේය.
නුමුත් උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ඔවුන්ට කන්ට දෙන්නැයි කීසේක. එවිට ඔව්හු: අප ගොස් මසු දෙසියයක රොටි මිලේටගෙන ඔවුන්ට කන්ට දෙන්ටදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
පසුවදා උන්වහන්සේ ගලීලයට පිටත්ව යන්ට අදහස්කොට පිලිප් දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක.
පිලිප් වනාහි අන්දෘ සහ පේතෘස් විසූ බෙත්සයිදා නුවර වැසියෙක්ය.
පිලිප් නතානියෙල් දැක: යම් කෙනෙකු ගැන මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහිත් අනාගතවක්තෘවරුන් විසිනුත් ලියන ලද්දේද උන්වහන්සේ අපට සම්බවූසේක. උන්වහන්සේ යෝසෙප්ගේ පුත්‍රවූ නාසරිය යේසුස්යයි ඔහුට කීවේය.
නතානියෙල්ද: නාසරෙත් නුවරින් යම් යහපතක් එන්ට පුළුවන්දැයි ඔහුට කීවේය. ඇවිත් බලන්නැයි පිලිප් ඔහුට කීවේය.
ඔබ මා අඳුනන්නේ කොහොමදැයි නතානියෙල් උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: පිලිප් නුඹ කැඳවන්ට පළමුවෙන්, අත්තික්කා ගස යට නුඹ සිටියදී නුඹ දුටිමියි කීසේක.
මේ තෙල මසු තුන්සියයකට විකුණා දිළිඳුන්ට නුදුන්නේ මක්නිසාදැයි කීවේය.