තද හුළඟක් ගැසූ බැවින් මුහුද කැලඹි කැලඹී තිබුණේය.
මක්නිසාද උන්වහන්සේ අණකොට, එහි රැළ නංවන්නාවූ තද කුණාටුව හටගන්වනසේක.
උන්වහන්සේ පොළෝ කෙළවරින් වලාකුල් නංවනසේක; වර්ෂාවට විදුලි සාදනසේක; ස්වකීය ගබඩාවලින් හුළඟ නික්මවනසේක.
එහෙත් හුළඟ ඉදිරියට ගැසූ බැවින්, ඔරුව එවේලෙහි රැළවලින් සෙලවි සෙලවී මුහුද මැද තිබුණේය.
ඔව්හු ඔරුවකට නැගී මුහුදෙන් එගොඩව කපර්ණවුමට යන පිණිස ගියෝය. එවිට අන්ධකාරවී තිබුණේය, ඒතාක්ම යේසුස්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් සිටියේ නැත.
ඔව්හු ගවුවක් පමණ පැදගෙන ගිය කල, යේසුස්වහන්සේ ඔරුව ළඟට මුහුද පිට පයින් එනවා දැක භයවූවෝය.