Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යොහන් 4:8

Sinhala Revised Old Version

මක්නිසාද උන්වහන්සේගේ ගෝලයෝ කෑම මිලේට ගන්ට නුවරට ගොස් සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

එහෙත් උන්වහන්සේ: නුඹලා ඔවුන්ට කන්ට දෙන්නැයි කීසේක. අප ගොස් මේ මුළු සෙනඟට කෑම මිලදී ගත්තොත් මිස අප ළඟ රොටි පහකටත් මසුන් දෙදෙනෙකුටත් වඩා නැතැයි ඔව්හු කීවෝය.

යේසුස්වහන්සෙත් උන්වහන්සේගේ ගෝලයොත් සරණ මංගල්‍යයට කැඳවනු ලැබුවෝය.

එවිට උන්වහන්සේගේ ගෝලයෝ ඇවිත්, උන්වහන්සේ ස්ත්‍රියෙක් සමඟ කථාකරමින් සිටියාට මවිතවූවෝය; එහෙත් ඔබ කුමක් සොයනසේක්ද? නොහොත් ඈ සමඟ කථාකරන්නේ මක්නිසාදැයි කිසිවෙක් ඇසුවේ නැත.

මා කළ සියල්ල උන්වහන්සේ මට කීසේකැයි සාක්ෂිදුන් ස්ත්‍රියගේ වචන නිසා ඒ නුවර සමාරියයන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.

යාකොබ් තමාගේ පුත්‍රවූ යෝසෙප්ට දුන් බිම් කොටස ළඟ තිබෙන සිඛාර් නම් සමාරියේ නුවරකට පැමිණිසේක.

සමාරියේ ස්ත්‍රියෙක් වතුර අදින්ට ආවාය. මට බොන්ට දෙන්නැයි යේසුස්වහන්සේ ඈට කීසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්