Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යොහන් 19:27

Sinhala Revised Old Version

එවිට උන්වහන්සේ ගෝලයාට කථාකොට: මෙන්න, නුඹේ මෑණියෝ! යයි කීසේක. ඒ පැයේ පටන් ඒ ගෝලයා තමාගේ ගෙදරට ඇය පිළිගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

එබැවින් මා මෙහි එවුවේ නුඹලා නොව දෙවියන්වහන්සේය. උන්වහන්සේ මා ඵාරාවෝට පියෙක්ද ඔහුගේ මුළු ගෙදරට ස්වාමියෙක්ද මුළු මිසර දේශයට ආණ්ඩුකාරයෙක්ද කළසේක.

යෝසෙප් තමාගේ පියාට සහ සහෝදරයන්ටද පියාගේ ගෙයි වැසි සියල්ලන්ටද ඔවුන්ගේ පවුල්වල ප්‍රකාරයට ආහාර දී ඔවුන් රක්ෂාකළේය.

එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි–මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.

තමන් අවට වාඩිවී උන්නවුන් දෙස වටේට බලා: මෙන්න, මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත්!

එවිට පේතෘස් කථාකොට: අපි වනාහි අප සන්තක දේ අත්හැර ඔබවහන්සේ අනුව ආවෙමුයයි කීවේය.

උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක, ස්වකීයයෝ උන්වහන්සේ පිළි නොගත්තෝය.

නුඹලා දැන් විශ්වාසකරවුද? බලව, නුඹලා එකිනෙකා තම තමාගේ ස්ථානයට විසිර ගොස්, මා තනියම අත්හැර දමන පැය පැමිණෙන්නේය; එසේය, දැනටම පැමිණ තිබේ. එසේවී නුමුත් පියාණන්වහන්සේ මා සමඟ සිටින බැවින් මම තනියම නොවෙමි.

එකිනෙකාට ශුභාචාරකොට, නැවට නැගුණෙමුව, නුමුත් ඔව්හු තමුන්ගේ නිවාසවලට හැරී ගියෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්