එබැවින් නැවතත් උන්වහන්සේ: නුඹලා කවරෙකු සොයවුදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නාසරිය යේසුස්යයි ඔව්හු කීවෝය.
නාසරෙත් නම් නුවරට පැමිණ, එහි වාසයකෙළේය. මෙසේ වූයේ: උන්වහන්සේ නාසරියයෙක්යයි කියනු ලබනසේකැයි අනාගතවක්තෘවරුන් කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.
යේසුස්වහන්සේ තමන් කෙරේ පැමිණෙන්නාවූ සියලු දේ දැන, ඉදිරියට ගොස්: නුඹලා කවරෙකු සොයවුදැයි ඔවුන්ගෙන් ඇසූසේක.
ඒ මමයයි යේසුස්වහන්සේ ඔවුන්ට කී කල්හි, ඔව්හු පස්සෙන් පස්සට ගොස් බිම වැටුණෝය.
යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඒ මමයයි නුඹලාට කීවෙමි. එබැවින්, නුඹලා මා සොයවු නම්, මොවුන් යන්ට හරින්නැයි කීසේක.