යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මම අයුතුලෙස කථාකෙළෙම් නම්, ඒ අයුතුකම ගැන සාක්ෂිදෙන්න. යුතුලෙස කථාකෙළෙම් නම් මට පහරදෙන්නේ මක්නිසාදැයි කීසේක.
නුමුත් මම නුඹලාට කියමි: නපුරු අය සමඟ පොරට නොසිටින්න. යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවන්න.
ඉදිරියෙහි සිටින කල නුඹලා අතරෙහි යටහත්වූ, ඈත්ව සිටින කල නුඹලා කෙරෙහි නිර්භීතවූ පාවුල් නම් මම ක්‍රිස්තුස්වහන්සේගේ මෘදුකම සහ මොළොක් ගුණය නිසා නුඹලාගෙන් ඉල්ලීමක් කරමි.