යේසුස්වහන්සේ තමන් ගෝලයන් සමඟ නොයෙක් වර එහි ගිය බැවින්, උන්වහන්සේ පාවාදුන් යූදස් ඒ ස්ථානය දැනගෙන සිටියේය.
ස්වාමිනි, මාගේ පුත්‍රයාට කරුණාකළ මැනව; මක්නිසාද ඔහු අපස්මාර රෝගීව බොහෝ වේදනා විඳියි. නොයෙක්විට ගින්නෙහිද නොයෙක්විට වතුරෙහිද වැටෙයි.
උන්වහන්සේ දවාලේ දේවමාළිගාවෙහි උගන්වමින් සිට, රාත්‍රියේ පිටත්ව ගොස්, ඔලීව නම් කන්දේ නැවතී සිටිසේක.
එවිට උන්වහන්සේ පිටත්ව, තමන්ගේ පුරුද්ද ලෙස ඔලීව කන්දට ගියසේක; ගෝලයොත් උන්වහන්සේ අනුව ගියෝය.