යේසුස්වහන්සේ පාවාදෙන්ට සීමොන්ගේ පුත්‍රවූ යූදස් ඉස්කාරියොත්ගේ සිත යක්ෂයා විසින් පොළඹවා තිබුණෙන්,
මෙසේ යෙරුසලමෙහි තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහය අලංකාර කරන්ට රජුගේ සිතෙහි කැමැත්තක් ඉපදෙවූවාවූ, රජද රජුගේ මන්ත්‍රීවරුන්ද රජුගේ සියලු බලවන්ත අධිපතීන්ද ඉදිරියෙහි මට කරුණාව ලැබීමට සැලස්සුවාවූ අපේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා.
තවද මම මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සමඟ රාත්‍රියේ නැගිට, යෙරුසලම උදෙසා කරන්ට මාගේ දෙවියන්වහන්සේ මාගේ සිතෙහි තැබූ කල්පනාව කිසිම මනුෂ්‍යයෙකුට නොදන්වා, මා නැගී ගිය සතා මිස වෙන යම් සතෙකු නැතුව, රාත්‍රියේ මිටියාවතේ දොරටුවෙන් පිටත්වී,
කානානීය සීමොන් සහ උන්වහන්සේව පාවාදුන් යූදස් ඉස්කාරියොත්ය.
එවිට දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ ඉස්කාරියොත් නම් යූදස්ට සාතන් ආවේශවිය.
සීමොන්, සීමොන්, බලව, නුඹලා ගෝධුම මෙන් පොළන්ට සාතන් ඉල්ලුවේය.
නුඹලා සියල්ලෝම පවිත්‍ර නැතැයි කීවේ උන්වහන්සේ තමන් පාවාදෙන්නා දැනගෙන සිටි හෙයිනි.
රාත්‍රිකෑමෙන් නැගිට, උඩ ඇඳුම ගළවා තබා, රෙදිකඩක් රැගෙන ඉඟටියෙහි බැඳගත්සේක.
නුමුත් පේතෘස් කථාකොට: අනනියස්නි, ශුද්ධාත්මයාණන්වහන්සේ රවටා බිමේ මිලෙන් කොටසක් තබාගන්ට සාතන් නුඹේ සිත පිරෙවුවේ මක්නිසාද?
ඉතින් නුඹලා ගැන එම උනන්දුකම තීතස්ගේ සිතට දුන් දෙවියන්වහන්සේට ස්තුතිවේවා.
ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංසයේ තෘෂ්ණාවල හැසිරෙමින්, මාංසයටත් සිතටත් කැමතිදේ කරමින්, ස්වභාවෙන් අනික් අය මෙන් උදහසේ දරුවෝව සිටියෙමුව.
මක්නිසාද දෙවියන්වහන්සේගේ වචන සම්පූර්ණවන තුරු උන්වහන්සේගේ කැමැත්ත කරන්ට එක්සිත්ව තමුන්ගේ රාජ්‍යය මෘගයාට දෙන ලෙස උන්වහන්සේ ඔවුන්ගේ සිත් කැමතිකෙරෙවුසේක.