මක්නිසාද දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති; නුමුත් මම නුඹලා සමඟ නිතරම නොසිටිමියි කීසේක.
මාගේ ප්‍රේමවන්තයාට දොර ඇරියෙමි; නුමුත් මාගේ ප්‍රේමවන්තයා අහක්ව ගිහින්ය. ඔහු කථාකළ විට මට සිහිනැතිවිය. මම ඔහු සෙවීමි, නුමුත් සම්බවුණේ නැත; මා ඔහුට අඬගැසූ නුමුත් ඔහු මට උත්තරදුන්නේ නැත.
මක්නිසාදයත් දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති; නුමුත් මම නුඹලා සමඟ නිතරම නොසිටිමි.
මක්නිසාද දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති, නුඹලා කැමති කලක ඔවුන්ට යහපත කරන්ට නුඹලාට පුළුවන. නුමුත් මම නුඹලා සමඟ නිතරම නොසිටිමි.
එබැවින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: තව ස්වල්ප කලක් ආලෝකය නුඹලා අතරේ තිබේ. අන්ධකාරය නුඹලා කරා වහාම නොපැමිණෙන පිණිස නුඹලාට ආලෝකය තිබෙන කල ඇවිදින්න. අන්ධකාරයේ ඇවිදින තැනැත්තේ තමා කොතැනට යන්නේදැයි නොදනියි.
දරුවෙනි, මා නුඹලා සමඟ සිටින්නේ තව ස්වල්ප වේලාවක්ය. නුඹලා මා සොයනවා ඇත. මා යන තැනට එන්ට නුඹලාට බැරියයි යුදෙව්වරුන්ට කී ලෙසම දැන් නුඹලාටත් කියමි.
එබැවින් උන්වහන්සේ නැවත ඔවුන්ට කථාකොට මම අහක්ව යමි, නුඹලා මා සොයනවා ඇත, නුමුත් නුඹලාගේ පාපයෙහි නුඹලා මැරෙනවා ඇත. මා යන ස්ථානයට නුඹලාට එන්ට නුපුළුවනැයි කීසේක.
දිළින්දෝ කවදාත් දේශයෙහි ඉන්නෝමය. එබැවින් නුඹේ දේශයෙහිදී නුඹේ සහෝදරයාවූ නුඹේ දුප්පතාටත් නුඹේ දිළින්දාටත් නුඹේ අත සැබවින් විදහන්නැයි නුඹට අණකරමි.