යේසුස්වහන්සේ පාස්කු මංගල්‍යයට සදවසකට පළමුවෙන් බෙතානියාට ආසේක. යේසුස්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගිටෙවුවාවූ ලාසරුස් එහි සිටියේය.
උන්වහන්සේ ඔවුන් අත්හැර නුවරින් පිටත්ව බෙතානියට ගොස්, එහි සිටිසේක.
උන්වහන්සේද යෙරුසලමට පැමිණ, දේවමාළිගාවට ඇතුල්ව, අවට සියල්ල බලා, සවස්වී තිබුණු බැවින් දොළොස්දෙනා සමඟ බෙතානියට පිටත්ව ගියසේක.
උන්වහන්සේ ඔවුන් බෙතානිය දක්වා කැඳවාගෙන ගොස්, තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාදකළසේක.
ඒ නුවර සිටි පව්කාර ස්ත්‍රියෙක් උන්වහන්සේ ඵරිසියාගේ ගෙයි කෑමට ඉඳගන හුන් බව දැන, සුවඳ තෙලින් පිරූ සුදුගල් කරඬුවක් ගෙනැවිත්,
මරියාගේද ඇගේ සහෝදරීවූ මාර්තාගේද ගමවූ බෙතානියෙහි ලාසරුස් නම් එක්තරා මනුෂ්‍යයෙක් රෝගීව සිටියේය.
උන්වහන්සේ මෙසේ කියා: ලාසරුස් පිටතට එන්නැයි මහත් ශබ්දයකින් කීසේක.
මැරී සිටි තැනැත්තේ පිටතට ආවේය; ඔහුගේ අත්පා වස්ත්‍රවලින් බැඳ මුහුණද රෙදිකඩකින් ඔතා තිබුණේය. මොහු මුදා යන්ට හරින්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක.
එකල යුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ළංව තිබුණේය. බොහෝ දෙනෙක් තමුන්ම පවිත්‍රකර ගන්නා පිණිස පාස්කු මංගල්‍යයට පළමුවෙන් පිට පළාත්වලින් නික්ම යෙරුසලමට ගියෝය.
පසුවදා මංගල්‍යයට ඇවිත් සිටිය මහත් සමූහයක් යේසුස්වහන්සේ යෙරුසලමට එන සේකැයි අසා,
මංගල්‍යයේදී නමස්කාරකරන පිණිස පැමිණියවුන් අතරේ සමහර ග්‍රීකයෝ සිටියෝය.
එකල යුදෙව්වරුන්ගෙන් මහත් සමූහයක් උන්වහන්සේ එහි සිටිනසේකැයි දැන, යේසුස්වහන්සේ නිසා පමණක් නොව උන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද ලාසරුස් දකින පිණිස ආවෝය.