ඉන්පසු උන්වහන්සේ: යුදයට නැවත යමුයයි ගෝලයන්ට කීසේක.
තවද හෙරොද් රජුගේ දවස්වල යුදයේ බෙත්ලෙහෙම්හි යේසුස්වහන්සේ උපන් කල, පූර්වදිශාවෙන් ශාස්ත්‍රවන්තයෝ යෙරුසලමට ඇවිත්:
තවද උන්වහන්සේ ඔසවාගනු ලබන දවස් ආසන්නවූ කල, උන්වහන්සේ යෙරුසලමට යන පිණිස ස්ථිරලෙසින් තමන් මුහුණ යොමුකොට, තමන්ට පෙරටුව දූතයන් ඇරියසේක.
ඔහු රෝගීව සිටින බව උන්වහන්සේ ඇසූ කල්හි, තමන් සිටි ස්ථානයේම තව දෙදවසක් නැවතුණුසේක.
කීප දවසකට පසු පාවුල් බාර්ණබස්ට කථාකොට: අප විසින් ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාශකළාවූ සියලු නුවරවල වසන සහෝදරයෝ කෙලෙස සිටිත්දැයි අපි නැවත ගොස් බලමුයයි කීවේය.