Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යොහන් 11:45

Sinhala Revised Old Version

එබැවින් මරියා වෙතට ආවාවූ යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් යේසුස්වහන්සේ කළ දෙය දැක උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

මෙසේ ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට කළ මහත් ක්‍රියාව ඉශ්‍රායෙල්වරු දුටුවාහුය, එබැවින් සෙනඟ ස්වාමීන්වහන්සේට භයව ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස්ද විශ්වාසකළෝය.

බොහෝ දෙනෙක් උන්වහන්සේ ළඟට ඇවිත්: සැබවින් යොහන් කිසි ආශ්චර්යයක් කළේ නැත. නුමුත් මුන්වහන්සේ ගැන යොහන් කී සියල්ලම සැබෑයයි කීවෝය.

යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක්ද මාර්තා සහ මරියා ඔවුන්ගේ සහෝදරයා ගැන සනසන පිණිස ඇවිත් සිටියෝය.

එවිට මරියා සනසමින් ඈ සමඟ ගෙයි සිටියාවූ යුදෙව්වරු, ඈ වහාම නැගිට පිටතට යන බව දැක, සොහොන්ගේ ළඟදී අඬන පිණිස එහි යන්නීයයි සිතා, ඈ පස්සේ ගියෝය.

එසේවී නුමුත් මුලාදෑනීන්ගෙන් පවා බොහෝදෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය; නුමුත් සිනගෝගයෙන් අහක්කරනු නොලබන පිණිස ඵරිසිවරුන් නිසා ඒ බව ප්‍රකාශ නොකළෝය.

උන්වහන්සේ පාස්කු මංගල්‍යයේදී යෙරුසලමෙහි සිටි කල්හි බොහෝ දෙනෙක් උන්වහන්සේ කළ ලකුණු දැක, උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගත්තෝය.

නුමුත් සමූහයාගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය. තවද ඔව්හු: ක්‍රිස්තුස්වහන්සේ ආ කල මුන්වහන්සේ කළ ලකුණුවලට වඩා උන්වහන්සේ කරනසේක්දැයි කීවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්