යේසුස්වහන්සේ ඈ අඬනවාත් ඈ සමඟ ආ යුදෙව්වරුන් අඬනවාත් දැක, ආත්මයෙන් සුසුම්ලා, කැලඹී:
උන්වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම නිසා දුක්වී, උදහසින් ඔවුන් වටකර බලා: නුඹේ අත දිගුකරන්නැයි ඒ මනුෂ්‍යයාට කීසේක. ඔහු එය දිගුකෙළේය. එවිට ඔහුගේ අත සුවවිය.
උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැති පරම්පරාව, කොපමණ කල් නුඹලා සමඟ සිටිම්ද? කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද? ඔහු මා ළඟට ගෙනෙන්නැයි කීසේක.
යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක්ද මාර්තා සහ මරියා ඔවුන්ගේ සහෝදරයා ගැන සනසන පිණිස ඇවිත් සිටියෝය.
එවිට මරියා සනසමින් ඈ සමඟ ගෙයි සිටියාවූ යුදෙව්වරු, ඈ වහාම නැගිට පිටතට යන බව දැක, සොහොන්ගේ ළඟදී අඬන පිණිස එහි යන්නීයයි සිතා, ඈ පස්සේ ගියෝය.
ඔහු කොතැන තැබුවහුදැයි ඇසූසේක. ස්වාමීනි, ඇවිත් බැලුව මැනවයි ඔව්හු උන්වහන්සේට කීවෝය.
යේසුස්වහන්සේ ඇඬූසේක.
එවිට යේසුස්වහන්සේ නැවතත් තමන් තුළ සුසුම්ලමින් සොහොන් ගේ ළඟට පැමිණිසේක. ඒක වනාහි ගුහාවක්ය, ඊට ගලක් හේත්තුකර තිබුණේය.
දැන් මාගේ සිත කැලඹෙයි; ඉඳින් කුමක් කියම්ද? පියාණෙනි, මේ පැයෙන් මා ගැළෙවුව මැනව. නුමුත් මේ පිණිසම මේ පැයට පැමුණුණෙමි.
යේසුස්වහන්සේ මෙසේ කියා ආත්මයෙන් කැලඹී සාක්ෂිදෙමින්: සැබැවක් සැබැවක් නුඹලාට කියමි–නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක.
ප්‍රීතිවෙන්නන් සමඟ ප්‍රීතිවෙන්න; අඬන්නන් සමඟ අඬන්න.
මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්ය.